Tuesday, July 14, 2015

සුදු පාට ගවුමේ ආදරය බැඳුනේ-විජිත කුමාර | Sudu Pata Gaume Adaraya Bandune - Wijitha Kumara - sinhala lyrics



සුදු පාට ගවුමේ ආදරය බැඳුනේ
නුඹ ලස්‌සනයි නංගියේ
ඔය නීල දෑසේ මා දෑස බැඳුනේ
හුරතල් නිසයි පැංචියේ
දෙන්න මට ආදරේ
දෙන්න මගෙ ජීවිතේ
නුඹ මගෙ තමයි පැංචියේ
මා ආදරෙයි නංගියේ

කිසිදිනක මා සිතේ නැවතුනු නැතී
නුඹම පමනක්‌ ඇවිත් නැවතුනු හැටී
ආදරය මා සිතේ දළුලන හැටී
නුඹට මම ජිවිතෙත් පුදමී සිතී
සිත නුඹගෙ ලඟමයි
නවතන්න බෑමයි
මා අසරණයි පැංචියේ
ආදරය පුදුමයි
මට නම් නොතේරෙයි
මා ආදරෙයි නංගියේ

සුදු පාට ගවුමේ ආදරය බැඳුනේ...

සුදුම සුදු පාටින් නුඹ එන හැටී
හුරතලය පෙන්නා හිනැහෙන ගතී
මුලු සසර නුඹ පතා එනවයි සිතී
හැමදාම මා සිත හඬවන හැටී
හැගුමන් බොහෝමයි
සිත ඇතුලෙ තෙරපෙයි
පවසන්න බෑ නංගියේ
ජීවිතය පුදුමයි
නුඹ හටම බාරයි
මා ආදරෙයි නංගියේ

සුදු පාට ගවුමේ ආදරය බැඳුනේ...
Download MP3

2 comments:

Related Posts Plugin for WordPress, Blogger...