Tuesday, July 21, 2015

දඟකාර සිහිනේ - චමිල සහ රිශාන් | Dagakara Sihine - Chamila & Rishan - sinhala lyrics



දඟකාර සිහිනේ පිංවන්ත කුමරී 
මට කෝලකම් පෙන්වනා
සඳ කින්නරාවී හසකැන් මවාවී 

ඔබදෝ මගේ අංගනා
පැතුමන් ‍ඔහේ පාවෙලා 

මැවුණා හදේ රූ රටා
ආසයි ළඟින් ඉන්න මට ලංවෙලා
පෙරුමන් පිරූ දෑස මට ලංවෙලා


සොඳුරුයි හදේ දැන් සුපෙම් කල්පනා
ඔය දෑස මට ආදරේ පැවසුවා
සඳපාන වාගේ ඔය මූණ ඔබගේ
සොඳුරුයි ළඳේ සෑමදා
සෙනෙහේ මැවූ ඒ හසඟන විලාසේ
මම ආදරෙයි සෑමදා


දඟකාර සිහිනේ...


සිතුවම් ඇඳී යයි ඔහේ පාවෙලා
මට ඉන්න ආසයි තවත් ළංවෙලා
රන්පාට හීනේ හිමිකාරී මාගේ
හිත රෝස යායක් කළා
නිල්පාට නෙතඟින් මදහාස මුවගේ
මට දෙන්නකෝ
ලංවෙලා  

දඟකාර සිහිනේ...

Download MP3 

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...