Saturday, September 19, 2015

සුවඳ දැනී දැනී දැනෙනවා - රූකාන්ත ගුණතිලක | Suwada Danee Danee Danenawa - Rookantha Gunatilleke - Sinhala Lyrics



සුවඳ දැනී දැනී දැනෙනවා
උදා හිරු එළියේ
අළුත් ඉරක් දෝ මේ
හිතට ගලනවා හීත බිඳු බිඳු
හීන් පිනි හුළඟේ  හිනස්සා හිත හැඟුම්
සුවඳ දැනී දැනී දැනෙනවා...


ඊයේ නොදුටූ ලස්සන ලෝකය
අද කොහෙන් හෝ
හෙමිහිට ඇවිදින් මිදුල දිගේ මට
තුරුළු වෙනවා
ජීවිතේ සුන්දර ද මෙතරම්
සුවඳ දැනී දැනී දැනෙනවා...


රෑන රෑන එන පාට පාට සමනලයෝ
පේන පේන මල සිප ගන්නෝ
ආදරේ ඔච්චම් කර කර
හංකිති කවනා ආදරේ
බලාපොරොත්තුව දෝත දරා මඟ

බලා හිදී ඔබ එනතුරා
ආයේ හෙට දවසක් තියේවී අද වාගේ
ජීවිතේ සුන්දර ද මෙතරම්...

සුවඳ දැනී දැනී දැනෙනවා...

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...