උන්මාද වූ ප්‍රේමාදරේ
සමනල වසන්ත යෞවනයේ
සංසාරයේ සුභ ප්‍රාර්ථනා
ඉදුනිල් දෙනයන සටහන්වේ
රළ පෙල කැලඹේ
හසඟන විලසේ
ලවනට සුදු මුදු පහස ලැබේදෝ
ඔබ හදවත මා
හඳුනාගත් සේ
මා හදවත ඔබ හැඳිනගනීදෝ
සංසාරයේ සුභ ප්‍රාර්ථනා
ඉදුනිල් දෙනයන සටහන්වේ
උන්මාද වූ ප්‍රේමාදරේ
සමනල වසන්ත යෞවනයේ
කිඳුරු කොදෙව්වේ
කසුන් කුමාරිකාවී
සයුරු තෙරෙන් සැඟවී ආවාදෝ
චන්ඩ මරුතේ
ඉන්ද්‍රකීලයක් වගේ
නොසැලී ඉන්නට වරම් ලැබේ දෝ
සංසාරයේ සුභ ප්‍රාර්ථනා
ඉදුනිල් දෙනයන සටහන්වේ
උන්මාද වූ ප්‍රේමාදරේ
සමනල වසන්ත යෞවනයේ
Download MP3

No comments:
Post a Comment