Thursday, July 16, 2015

චංචල හැඟුමක - සංක දිනෙත් සහ මහේශිකා | Chanchala Hagumaka - Sanka Dineth ft Maheshika - sinhala lyrics



චංචල වී හැඟුම් රැයක් ගානේ
කඳුළැල් දෙනවාමයි හඳපානේ
පායා දිය වී යන දේදුන්නේ
දිය වී යනවා ඔය ආදරේ
ඔබ ආ ලෙසටම ආයෙ
වෙන්වෙන එක වෙනවාමයි
මායාවක්මයි ආදරේ
මායාවක්මයි ආදරේ


චංචල හැඟුමක නිදිවරනා තුන්යාමේ
කඳුලට ඇයි අඬගසන්නෙ හඳපානේ
යස එළිමහනේ රස තියෙද්දි ආදරේ
දේදුන්න කියන මායාවද ලුහුබැන්දේ
ඔබ කී ලෙසටම ආයේ
හමුවෙන එක වෙනවාමයි
මායාවක්මයි ආදරේ
මායාවක්මයි ආදරේ


මිරිඟුවමද හැමදාම ඇස් බැන්දුම් කෙරුවේ
දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ
පැන සීමාවන් රස බලද්දි ආදරේ
පැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේ
ඔබ කී ලෙසටම ආයේ
දුක නම් ළං වෙනවාමයි
මායාවක්මයි ආදරේ
මායාවක්මයි ආදරේ


ක්ෂිතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේ
ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ
දුර ළඟ වාගේ සුව ලබද්දි ආදරේ
ළං වෙන්නෑමයි ක්ෂිතිජය එක් නොවෙනා සේ
ඔබ කී ලෙසටම ආයේ
පාලුව නම් ළං වෙනවාමයි
මායාවක්මයි ආදරේ
මායාවක්මයි ආදරේ


Download MP3 

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...