අසා ඉමු අපි සුමුදු වැල්ලට
සයුර මුමුණන පෙම් කතා
බලා ඉමු අපි ඈත ක්ෂිතිජයේ
මැවෙන සෙවනැලි පෙම් රටා
නොයා ජීවන මං තලාවේ
ඈත දුරකට පියඹලා
සිනාසෙමු අපි සයුරු වෙරළේ
අහස සඳ සේ ළං වෙලා
අසා ඉමු අපි සුමුදු වැල්ලට...
පතා ආ ලෙස ඈත භවයේ
මෙමං තලයේ හමුවෙලා
රහස් මුුමුණමු අපේ ලෝකේ
පෙම්වතුන් සේ එක්වෙලා
අසා ඉමු අපි සුමුදු වැල්ලට...
Download MP3
මේ ගිතයයේ ගායිකාව ධම්මිකා කරුණාරත්න ය. චන්ද්‍රලේඛ නොවේ
ReplyDeleteහරියට හරි. තනුව කාගෙද?
ReplyDelete