සිහිනයට තරම් තටු නෑ මට නම්
පියඹන්න අරන් නුඹ අහසේ
ආදරය තරම් සියුමැලි මනරම්
සිහිනයක් තියේවිද ලෝකේ
කඳු හිස් මුදුන් කර තරු ලකුණු වැටෙනා අතර
සිත නුඹම සොයා වළා බැම්මෙන් ඉගිල යයි
ලොව නිදනා අතර
සයුරක් වී වැතිර නුඹ සරැළි නගනා අතර
කිරි සිනා ගඟක් මියුරු ලෝකෙන් අරන් එයි
ඉන්නවාද ඇහැර
සිහිනයට තරම් තටු නෑ මට නම්...
කඳුලක් ළඟට දුර තව දුරස් කරේ නුඹය
වැහි ඇල්ලක් වගේ සොඳුරු සිහිලක් ගෙනා මට
ජීවිතයේ කතර
සෙනෙහස් සිහිනවල් හැම සෑබෑ කෙරූ සසර
නුඹ සදකි රුවන් කුමුදු යායක් පුබුදු කර
මා හද කළ සුවඳ
සිහිනයට තරම් තටු නෑ මට නම්...
Download MP3
No comments:
Post a Comment