සඳළුතලේ නිල්මිණි දල්වා
හද කලඹා හිනා මල් පුබුදයි
ඔබ ඈතයි මා දිළිඳු නිසා
සිහිනෙන් එන්නම් මා යන්නට කැන්දා
අඳුරු වූ සිත මගේ නොනිදි රැයේ
එලිය ඔබෙන් පතයි නගේ
විඩා බරවූ අඩවන් දෙනෙතේ
ඔය රුව මැවුනේ සිත් සහනේ
සඳළුතලේ නිල්මිණි දල්වා...
පුන්සඳ නැගුනේ මේ රැයේ
ඔබ මා අසලයි මට දැනේ
ඔය නෙතු හා යාවෙන පැයේ
අවදි නොවෙන්නේ පෙම් සිහිනේ
අවදි නොවෙන්නේ පෙම් සිහිනේ
සඳළුතලේ නිල්මිණි දල්වා...
Download MP3