Wednesday, October 7, 2015

සිතේ සුසුම් නිවනා ගායනා - ක්ලැරන්ස් විජේවර්ධන | Sithe Susum Niwana Gayana - Clarance Wijewardana - sinhala lyrics

සිතේ සුසුම් නිවනා ගායනා
ඔබේ සවන් සොයා සැනෙකින් පාවෙනා
මැදියම් රැයේ රැඟුමන් රඟා
මතක ලෝකේ වේදනා අමතක කළා//


නැවුම් ගීයක් සිතට එන්නේ
රස විඳින්නයි අප ගයන්නේ
අසිරි ලෝකේ සුරපුරක් වේ
මතක ලෝකේ දුක් නිමාවේ


සිතේ සුසුම් නිවනා ගායනා...

යොවුන් විය නෑ නිති රැඳෙන්නේ
නොසිතු විලසින් ඉගිල යන්නේ
දිමුතු පහනක් සේ උදාවේ
අඳුරුවී එය නිවී යන්නේ


සිතේ සුසුම් නිවනා ගායනා...

අවසන් කඳුලත් අවසන් වෙනකන් - සංක දිනෙත් | Awasan kadulath - Sanka Dineth - sinhala lyrics



අවසන් කඳුලත් අවසන් වෙනකන්
හඩන්න නෙතු නොපියා
හෙට සිට ආයෙත් පාඩුවෙ ඉන්නම් 

කිසිවක් නොකියා
ඹබ ගියා කියා මා කොහොම හිතන්නද 

මා දුප්පත් හින්දා

වැලපෙනා වේදනා 

නුහුරු පපුවේ අවතැන් වෙලා 
හිත හදා ගන්න බෑ
ඹබට පමනයි මා පෙම් කලේ
ඹබ ගියා කියා මා කොහොම හිතන්නද
මා දුප්පත් හින්දා


තනිවෙලා විඳවනා 
රුදුරු මතකේ හිස්තැන් තියා
දුක දාරා ඉන්න බෑ 
ඔබට විතරක් ලංවූ නිසා

අවසන් කඳුලත් අවසන් වෙනකන්...



Saturday, September 19, 2015

සුවඳ දැනී දැනී දැනෙනවා - රූකාන්ත ගුණතිලක | Suwada Danee Danee Danenawa - Rookantha Gunatilleke - Sinhala Lyrics



සුවඳ දැනී දැනී දැනෙනවා
උදා හිරු එළියේ
අළුත් ඉරක් දෝ මේ
හිතට ගලනවා හීත බිඳු බිඳු
හීන් පිනි හුළඟේ  හිනස්සා හිත හැඟුම්
සුවඳ දැනී දැනී දැනෙනවා...


ඊයේ නොදුටූ ලස්සන ලෝකය
අද කොහෙන් හෝ
හෙමිහිට ඇවිදින් මිදුල දිගේ මට
තුරුළු වෙනවා
ජීවිතේ සුන්දර ද මෙතරම්
සුවඳ දැනී දැනී දැනෙනවා...


රෑන රෑන එන පාට පාට සමනලයෝ
පේන පේන මල සිප ගන්නෝ
ආදරේ ඔච්චම් කර කර
හංකිති කවනා ආදරේ
බලාපොරොත්තුව දෝත දරා මඟ

බලා හිදී ඔබ එනතුරා
ආයේ හෙට දවසක් තියේවී අද වාගේ
ජීවිතේ සුන්දර ද මෙතරම්...

සුවඳ දැනී දැනී දැනෙනවා...

Sunday, September 13, 2015

සිහිනයට තරම් - කසුන් කල්හාර සහ ප්‍රතිහා ප්‍රභා | Sihinayata Tharam - Kasun Kalhara ft Prathiba Prabha - sinhala lyrics




සිහිනයට තරම් තටු නෑ මට නම්
පියඹන්න අරන් නුඹ අහසේ
ආදරය තරම් සියුමැලි මනරම්
සිහිනයක් තියේවිද ලෝකේ

කඳු හිස් මුදුන් කර තරු ලකුණු වැටෙනා අතර
සිත නුඹම සොයා වළා බැම්මෙන් ඉගිල යයි
ලොව නිදනා අතර
සයුරක් වී වැතිර නුඹ සරැළි නගනා අතර
කිරි සිනා ගඟක් මියුරු ලෝකෙන් අරන් එයි
ඉන්නවාද ඇහැර

සිහිනයට තරම් තටු නෑ මට නම්...

කඳුලක් ළඟට දුර තව දුරස් කරේ නුඹය
වැහි ඇල්ලක් වගේ සොඳුරු සිහිලක් ගෙනා මට
ජීවිතයේ කතර
සෙනෙහස් සිහිනවල් හැම සෑබෑ කෙරූ සසර
නුඹ
සදකි රුවන් කුමුදු යායක් පුබුදු කර
මා හද කළ සුවඳ

සිහිනයට තරම් තටු නෑ මට නම්...


Download MP3 

රහසේ හඬනා අප හැඟුම් - ක්ලැරන්ස් විජේවර්ධන සහ නීලා වික්‍රමසිංහ - | Rahase Handana Apa Hagum - Clarence Wijewardena & Neela Wickramasinghe - sinhala lyrics




රහසේ හඬනා අප හැඟුම්
ලොව නෑ දන්නේ අප පැතුම්
ලා සඳු පායනා රැයේ

දිලිසේ තරු සේ
තනි වී තැවෙනා පෙම් සුසුම්

හිරිමල් වයසේ සෙනෙහෙන් බැඳී එදා
මතකේ නොමියේ ඔබ මා සිතින් සදා
ආදරයේ රස මියුරු වේදනා

රහසේ හඬනා අප හැඟුම්...

සඳ රෑ සිහිනේ සෙවනැල්ල සේ වෙලී  
ඉමු අපි සොඳුරේ සුපුරුදු ලෙසින් බැඳී
ආදරයේ රස මියුරු වේදනා

රහසේ හඬනා අප හැඟුම්...

රහසේ හඬනා අප හැඟුම්
ලොව නෑ දන්නේ අප පැතුම්


Download MP3 

Friday, July 24, 2015

සඳළුතලේ නිල්මිණි දල්වා - නලීන් පෙරේරා | Sandaluthale Nilmini - Nalin Perera - sinhala lyrics


සඳළුතලේ නිල්මිණි දල්වා 
හද කලඹා හිනා මල් පුබුදයි
ඔබ ඈතයි මා දිළිඳු නිසා
සිහිනෙන් එන්නම් මා යන්නට කැන්දා


අඳුරු වූ සිත මගේ නොනිදි රැයේ
එලිය ඔබෙන් පතයි නගේ
විඩා බරවූ අඩවන් දෙනෙතේ
ඔය රුව මැවුනේ සිත් සහනේ


සඳළුතලේ නිල්මිණි දල්වා...

පුන්සඳ නැගුනේ මේ රැයේ 
ඔබ මා අසලයි මට දැනේ
ඔය නෙතු හා යාවෙන පැයේ
අවදි නොවෙන්නේ පෙම් සිහිනේ

අවදි නොවෙන්නේ පෙම් සිහිනේ

සඳළුතලේ නිල්මිණි දල්වා...

Download MP3 

Wednesday, July 22, 2015

චකිතය - නෙම්සිස් | Chakithaya - Nemesis - sinhala lyrics

සේයවක්වත් හද තුල මා නොවන ලෙසේ
මායවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ
සේයවක්වත් හද තුල මා නොවන ලෙසේ
මායවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ
චකිතය වත් නැතිද නැවතුවේ
මතකය කෙලෙසදො මියැඳුනේ

හද දැවුනා කඳුලේ ගිලුනා
නෙතු නිවුනා අඳුරේ එතුනා
මා හා නිවුනා ලොකේ දැවුනා
ඔබ නිමවූ සිහිනේ බිඳුනා

කඳුලැල්ලක් වත් නෙත තුල මා නොරැදෙන සේ
මාගේ ලොව ගිනි දැවෙනා යලි නොනිවෙන සේ
කඳුලැල්ලක් වත් නෙත තුල මා නොරැදෙන සේ
මාගේ ලොව ගිනි දැවෙන යලි නොනිවෙන සේ
චකිතය වත් නැතිද නැවතුවේ
මතකය කෙලෙසදො මියදුනේ

හද දැවුනා කඳුලේ ගිලුනා...

නිමේශයක් විය අපේ ලොකේ
සමනළයින් සේ පියැඹුවත් එදා
චපල හැගුම් ඔබේ මා දැවූයේ
මායාවේ නෑ මා යලි බැඳෙන්නෑ
මායාවේ නෑ මා යලි
බැඳෙන්නෑ

හද දැවුනා කඳුලේ ගිලුනා...

Download MP3 

Tuesday, July 21, 2015

ඔබ ඇපල් මලක් වාගේ - අමරසිරි පීරිස් | Oba Apple Malak Wage - Amarasiri Peiris - sinhala lyrics


ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමුවූ
පායන්න දෑස මානේ උණුහුමට ගින්දරී
ගෙනියන්න මාගෙ ගානේ මේ හිතම සුන්දරී
දිගු දෑසේ බැල්ම ඔබගේ ඇයි සොදුරු ඔය හැටී

ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමුවූ

ඇස් පියෙන් අදී කෑලි කැපෙන රළු රාත්‍රියේ
කීරි ‍ගැහෙන සිත අනුහස අයදී ප්‍රේම‍යේ
එය පමණක් ශේෂය වී නම් පුර්වාත්මයේ
ඔබ ගැවසෙන මා සිත අවිනීතයි
අවනත නැති නෙතටද අවිවේකයි
හුදකලාව අවනඩුවක් ගෑණු ළමයෝ

ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමුවූ

ඉටි රූපෙ අපූරුව විදින්න මං හරි ආසයි
පින්තූරේ වගේ ඔබ හිනැහෙන කොට මට ලෝබයි
අහිතක් හිතන්නෙ නැති නම් මං හරි ආදරෙයි
කියාගන්න බැරි කමින් හිත බරයි
ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි
හුදකලාව අවනඩුවක් ගැණු ළමයෝ

ඔබ ඇපල් මලක් වාගේ... 

Download MP3 

දඟකාර සිහිනේ - චමිල සහ රිශාන් | Dagakara Sihine - Chamila & Rishan - sinhala lyrics



දඟකාර සිහිනේ පිංවන්ත කුමරී 
මට කෝලකම් පෙන්වනා
සඳ කින්නරාවී හසකැන් මවාවී 

ඔබදෝ මගේ අංගනා
පැතුමන් ‍ඔහේ පාවෙලා 

මැවුණා හදේ රූ රටා
ආසයි ළඟින් ඉන්න මට ලංවෙලා
පෙරුමන් පිරූ දෑස මට ලංවෙලා


සොඳුරුයි හදේ දැන් සුපෙම් කල්පනා
ඔය දෑස මට ආදරේ පැවසුවා
සඳපාන වාගේ ඔය මූණ ඔබගේ
සොඳුරුයි ළඳේ සෑමදා
සෙනෙහේ මැවූ ඒ හසඟන විලාසේ
මම ආදරෙයි සෑමදා


දඟකාර සිහිනේ...


සිතුවම් ඇඳී යයි ඔහේ පාවෙලා
මට ඉන්න ආසයි තවත් ළංවෙලා
රන්පාට හීනේ හිමිකාරී මාගේ
හිත රෝස යායක් කළා
නිල්පාට නෙතඟින් මදහාස මුවගේ
මට දෙන්නකෝ
ලංවෙලා  

දඟකාර සිහිනේ...

Download MP3 

Saturday, July 18, 2015

ආදරේ කටු සටහන් - නලින්ද රණසිංහ | Adare Katu Satahan - Nalinda Ranasinghe - sinhala lyrics


ආදරේ කටු සටහන් අපේ
ඉතිරිවී තියෙනවනම් හිතේ
ආයෙමත් ආයෙමත් ආයෙමත්
වෙමු අපි අපේ

පාළු කෙත්වල පියමන්
කරමු අපි පිය සටහන්
මතකෙ ඔබෙ තියනවානම්
හමුවෙලා වෙන් නොවන ලෙස
ආයෙ කරමුද අපි පෙම්

හදවතේ තව ඉඩ ඇත්නම්
වෙන කෙනෙක්හෙම ලඟ නැත්නම්
පෙම් වලට පා විස්කම්
පෙර වගේ එක්වෙලා
කරමු අපෙ පෙම ගෙත්තම්

ආදරේ කටු සටහන් අපේ...


Download MP3 

Thursday, July 16, 2015

උන්මාද වූ ප්‍රේමාදරේ - කමල් අද්දරආරච්චි සහ දමයන්ති ජයසූරිය | Unmada Wu Premadare - Kamal Addararachchi & Damayanthi Jayasuriya - sinhala lyrics



උන්මාද වූ ප්‍රේමාදරේ
සමනල වසන්ත යෞවනයේ
සංසාරයේ සුභ ප්‍රාර්ථනා
ඉදුනිල් දෙනයන සටහන්වේ

රළ පෙල කැලඹේ 

හසඟන විලසේ
ලවනට සුදු මුදු පහස ලැබේදෝ
ඔබ හදවත මා 

හඳුනාගත් සේ
මා හදවත ඔබ හැඳිනගනීදෝ


සංසාරයේ සුභ ප්‍රාර්ථනා
ඉදුනිල් දෙනයන සටහන්වේ

උන්මාද වූ ප්‍රේමාදරේ
සමනල වසන්ත යෞවනයේ


කිඳුරු කොදෙව්වේ 

කසුන් කුමාරිකාවී
සයුරු තෙරෙන් සැඟවී ආවාදෝ
චන්ඩ මරුතේ 

ඉන්ද්‍රකීලයක් වගේ
නොසැලී ඉන්නට වරම් ලැබේ‍ දෝ

  
සංසාරයේ සුභ ප්‍රාර්ථනා
ඉදුනිල් දෙනයන සටහන්වේ

උන්මාද වූ ප්‍රේමාදරේ
සමනල වසන්ත යෞවනයේ


Download MP3 

අසා ඉමු අපි සුමුදු වැල්ලට - සෝමසිරි මැදගෙදර සහ චන්ද්‍රලේකා පෙරේරා | Asa Imu Api Sumudu Wallata - Somasiri Madagedara & Chandraleka Perera - sinhala lyrics



අසා ඉමු අපි සුමුදු වැල්ලට
සයුර මුමුණන පෙම් කතා
බලා ඉමු අපි ඈත ක්ෂිතිජයේ
මැවෙන සෙවනැලි පෙම් රටා


නොයා ජීවන මං තලාවේ
ඈත දුරකට පියඹලා
සිනාසෙමු අපි සයුරු වෙරළේ
අහස සඳ සේ ළං වෙලා 


අසා ඉමු අපි සුමුදු වැල්ලට...


පතා ආ ලෙස ඈත භවයේ
මෙමං තලයේ හමුවෙලා
රහස් මුුමුණමු අපේ ලෝකේ
පෙම්වතුන් සේ එක්වෙලා 


අසා ඉමු අපි සුමුදු වැල්ලට... 

Download MP3 

චංචල හැඟුමක - සංක දිනෙත් සහ මහේශිකා | Chanchala Hagumaka - Sanka Dineth ft Maheshika - sinhala lyrics



චංචල වී හැඟුම් රැයක් ගානේ
කඳුළැල් දෙනවාමයි හඳපානේ
පායා දිය වී යන දේදුන්නේ
දිය වී යනවා ඔය ආදරේ
ඔබ ආ ලෙසටම ආයෙ
වෙන්වෙන එක වෙනවාමයි
මායාවක්මයි ආදරේ
මායාවක්මයි ආදරේ


චංචල හැඟුමක නිදිවරනා තුන්යාමේ
කඳුලට ඇයි අඬගසන්නෙ හඳපානේ
යස එළිමහනේ රස තියෙද්දි ආදරේ
දේදුන්න කියන මායාවද ලුහුබැන්දේ
ඔබ කී ලෙසටම ආයේ
හමුවෙන එක වෙනවාමයි
මායාවක්මයි ආදරේ
මායාවක්මයි ආදරේ


මිරිඟුවමද හැමදාම ඇස් බැන්දුම් කෙරුවේ
දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ
පැන සීමාවන් රස බලද්දි ආදරේ
පැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේ
ඔබ කී ලෙසටම ආයේ
දුක නම් ළං වෙනවාමයි
මායාවක්මයි ආදරේ
මායාවක්මයි ආදරේ


ක්ෂිතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේ
ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ
දුර ළඟ වාගේ සුව ලබද්දි ආදරේ
ළං වෙන්නෑමයි ක්ෂිතිජය එක් නොවෙනා සේ
ඔබ කී ලෙසටම ආයේ
පාලුව නම් ළං වෙනවාමයි
මායාවක්මයි ආදරේ
මායාවක්මයි ආදරේ


Download MP3 

Tuesday, July 14, 2015

සුදු පාට ගවුමේ ආදරය බැඳුනේ-විජිත කුමාර | Sudu Pata Gaume Adaraya Bandune - Wijitha Kumara - sinhala lyrics



සුදු පාට ගවුමේ ආදරය බැඳුනේ
නුඹ ලස්‌සනයි නංගියේ
ඔය නීල දෑසේ මා දෑස බැඳුනේ
හුරතල් නිසයි පැංචියේ
දෙන්න මට ආදරේ
දෙන්න මගෙ ජීවිතේ
නුඹ මගෙ තමයි පැංචියේ
මා ආදරෙයි නංගියේ

කිසිදිනක මා සිතේ නැවතුනු නැතී
නුඹම පමනක්‌ ඇවිත් නැවතුනු හැටී
ආදරය මා සිතේ දළුලන හැටී
නුඹට මම ජිවිතෙත් පුදමී සිතී
සිත නුඹගෙ ලඟමයි
නවතන්න බෑමයි
මා අසරණයි පැංචියේ
ආදරය පුදුමයි
මට නම් නොතේරෙයි
මා ආදරෙයි නංගියේ

සුදු පාට ගවුමේ ආදරය බැඳුනේ...

සුදුම සුදු පාටින් නුඹ එන හැටී
හුරතලය පෙන්නා හිනැහෙන ගතී
මුලු සසර නුඹ පතා එනවයි සිතී
හැමදාම මා සිත හඬවන හැටී
හැගුමන් බොහෝමයි
සිත ඇතුලෙ තෙරපෙයි
පවසන්න බෑ නංගියේ
ජීවිතය පුදුමයි
නුඹ හටම බාරයි
මා ආදරෙයි නංගියේ

සුදු පාට ගවුමේ ආදරය බැඳුනේ...
Download MP3

Monday, July 13, 2015

මට අරාධනාවක් කලාදෝ - වරදත්ත අරවින්ද | Mata Aradanawak Kalado - Waradaththa Aravinda - sinhala lyrics


මට අරාධනාවක් කලාදෝ
ඔය දෑසේ කොනින් කී කතාවෙන්
බිතු සිතුවම් ලෙසින් ජීවිතේහී
ආදරෙයි ආදරෙයි සැමදා මා


මල් යාය කීදේ  මට වාසනාවන්ත
සුවඳින් නැවුම් ගී ලියා දී වගේ
පෙර අත් බවේදී බැඳුණා වගේ
ඔබ ආවාද මගෙ රැයට අරුණෝද වී


මට අරාධනාවක් කලාදෝ...

දිවි නිම්නයේ  අතරමංවී සිතින් හඬන
මට පාර පෙන්වූ තරු නෙත් ඔබේ
රැක ගන්නෙමී ඔබව නිකැලැල් මලේ
ඔබ ප්‍රේමාදරේ  මියෙන තුරු ස්නේහයේ


මට අරාධනාවක් කලාදෝ...

Download MP3 

Friday, July 10, 2015

අවසානය මෙයනම් - රවීන්ද්‍ර මීගමආරච්චි | Awasanaya Meyanam-Ravindra Meegamarachchi - sinhala lyrics



අවසානය මෙයනම්
වෙන කුමක් කරන්නද මං
ආදරෙන් බදා ඔබ ලඟින් තියාගත්
කාලය නිමවුනි නම්
හදාගන්න හිත දැන්
කුමක් කරන්නද මං

ඔබ නෑ මං විඳවන හැටි දන්නේ
දුක වාවන් දැන් කොහොමද ඉන්නේ
හද පාරන් යන දුක් ගඟුලැල්ලේ
ගිලිලා මියැදෙන්නද මට වෙන්නේ

මතකය අමතක නම්
යලි මතක් වෙන්නේ නැතිනම්
මගේ දෑස් කඩා එන කඳුළු හංගගෙන
නවතින්නද එහෙනම්
කියාගන්න දුක දැන්
කවුරුත් නැහැ මට නම්

ඔබ නෑ මං විඳවන හැටි දන්නේ...

ගෙවෙන  හැම මොහොතක් පවා
කල්පයක් සේ දැනෙනවා
මෙයද උරුමය මගේ සදා
කවදා සුවපත්වේද මා

 ඔබ නෑ මං විඳවන හැටි දන්නේ...



Download MP3 
Related Posts Plugin for WordPress, Blogger...