Saturday, September 19, 2015

සුවඳ දැනී දැනී දැනෙනවා - රූකාන්ත ගුණතිලක | Suwada Danee Danee Danenawa - Rookantha Gunatilleke - Sinhala Lyrics



සුවඳ දැනී දැනී දැනෙනවා
උදා හිරු එළියේ
අළුත් ඉරක් දෝ මේ
හිතට ගලනවා හීත බිඳු බිඳු
හීන් පිනි හුළඟේ  හිනස්සා හිත හැඟුම්
සුවඳ දැනී දැනී දැනෙනවා...


ඊයේ නොදුටූ ලස්සන ලෝකය
අද කොහෙන් හෝ
හෙමිහිට ඇවිදින් මිදුල දිගේ මට
තුරුළු වෙනවා
ජීවිතේ සුන්දර ද මෙතරම්
සුවඳ දැනී දැනී දැනෙනවා...


රෑන රෑන එන පාට පාට සමනලයෝ
පේන පේන මල සිප ගන්නෝ
ආදරේ ඔච්චම් කර කර
හංකිති කවනා ආදරේ
බලාපොරොත්තුව දෝත දරා මඟ

බලා හිදී ඔබ එනතුරා
ආයේ හෙට දවසක් තියේවී අද වාගේ
ජීවිතේ සුන්දර ද මෙතරම්...

සුවඳ දැනී දැනී දැනෙනවා...

Sunday, September 13, 2015

සිහිනයට තරම් - කසුන් කල්හාර සහ ප්‍රතිහා ප්‍රභා | Sihinayata Tharam - Kasun Kalhara ft Prathiba Prabha - sinhala lyrics




සිහිනයට තරම් තටු නෑ මට නම්
පියඹන්න අරන් නුඹ අහසේ
ආදරය තරම් සියුමැලි මනරම්
සිහිනයක් තියේවිද ලෝකේ

කඳු හිස් මුදුන් කර තරු ලකුණු වැටෙනා අතර
සිත නුඹම සොයා වළා බැම්මෙන් ඉගිල යයි
ලොව නිදනා අතර
සයුරක් වී වැතිර නුඹ සරැළි නගනා අතර
කිරි සිනා ගඟක් මියුරු ලෝකෙන් අරන් එයි
ඉන්නවාද ඇහැර

සිහිනයට තරම් තටු නෑ මට නම්...

කඳුලක් ළඟට දුර තව දුරස් කරේ නුඹය
වැහි ඇල්ලක් වගේ සොඳුරු සිහිලක් ගෙනා මට
ජීවිතයේ කතර
සෙනෙහස් සිහිනවල් හැම සෑබෑ කෙරූ සසර
නුඹ
සදකි රුවන් කුමුදු යායක් පුබුදු කර
මා හද කළ සුවඳ

සිහිනයට තරම් තටු නෑ මට නම්...


Download MP3 

රහසේ හඬනා අප හැඟුම් - ක්ලැරන්ස් විජේවර්ධන සහ නීලා වික්‍රමසිංහ - | Rahase Handana Apa Hagum - Clarence Wijewardena & Neela Wickramasinghe - sinhala lyrics




රහසේ හඬනා අප හැඟුම්
ලොව නෑ දන්නේ අප පැතුම්
ලා සඳු පායනා රැයේ

දිලිසේ තරු සේ
තනි වී තැවෙනා පෙම් සුසුම්

හිරිමල් වයසේ සෙනෙහෙන් බැඳී එදා
මතකේ නොමියේ ඔබ මා සිතින් සදා
ආදරයේ රස මියුරු වේදනා

රහසේ හඬනා අප හැඟුම්...

සඳ රෑ සිහිනේ සෙවනැල්ල සේ වෙලී  
ඉමු අපි සොඳුරේ සුපුරුදු ලෙසින් බැඳී
ආදරයේ රස මියුරු වේදනා

රහසේ හඬනා අප හැඟුම්...

රහසේ හඬනා අප හැඟුම්
ලොව නෑ දන්නේ අප පැතුම්


Download MP3 
Related Posts Plugin for WordPress, Blogger...