Wednesday, October 7, 2015

සිතේ සුසුම් නිවනා ගායනා - ක්ලැරන්ස් විජේවර්ධන | Sithe Susum Niwana Gayana - Clarance Wijewardana - sinhala lyrics

සිතේ සුසුම් නිවනා ගායනා
ඔබේ සවන් සොයා සැනෙකින් පාවෙනා
මැදියම් රැයේ රැඟුමන් රඟා
මතක ලෝකේ වේදනා අමතක කළා//


නැවුම් ගීයක් සිතට එන්නේ
රස විඳින්නයි අප ගයන්නේ
අසිරි ලෝකේ සුරපුරක් වේ
මතක ලෝකේ දුක් නිමාවේ


සිතේ සුසුම් නිවනා ගායනා...

යොවුන් විය නෑ නිති රැඳෙන්නේ
නොසිතු විලසින් ඉගිල යන්නේ
දිමුතු පහනක් සේ උදාවේ
අඳුරුවී එය නිවී යන්නේ


සිතේ සුසුම් නිවනා ගායනා...

අවසන් කඳුලත් අවසන් වෙනකන් - සංක දිනෙත් | Awasan kadulath - Sanka Dineth - sinhala lyrics



අවසන් කඳුලත් අවසන් වෙනකන්
හඩන්න නෙතු නොපියා
හෙට සිට ආයෙත් පාඩුවෙ ඉන්නම් 

කිසිවක් නොකියා
ඹබ ගියා කියා මා කොහොම හිතන්නද 

මා දුප්පත් හින්දා

වැලපෙනා වේදනා 

නුහුරු පපුවේ අවතැන් වෙලා 
හිත හදා ගන්න බෑ
ඹබට පමනයි මා පෙම් කලේ
ඹබ ගියා කියා මා කොහොම හිතන්නද
මා දුප්පත් හින්දා


තනිවෙලා විඳවනා 
රුදුරු මතකේ හිස්තැන් තියා
දුක දාරා ඉන්න බෑ 
ඔබට විතරක් ලංවූ නිසා

අවසන් කඳුලත් අවසන් වෙනකන්...



Saturday, September 19, 2015

සුවඳ දැනී දැනී දැනෙනවා - රූකාන්ත ගුණතිලක | Suwada Danee Danee Danenawa - Rookantha Gunatilleke - Sinhala Lyrics



සුවඳ දැනී දැනී දැනෙනවා
උදා හිරු එළියේ
අළුත් ඉරක් දෝ මේ
හිතට ගලනවා හීත බිඳු බිඳු
හීන් පිනි හුළඟේ  හිනස්සා හිත හැඟුම්
සුවඳ දැනී දැනී දැනෙනවා...


ඊයේ නොදුටූ ලස්සන ලෝකය
අද කොහෙන් හෝ
හෙමිහිට ඇවිදින් මිදුල දිගේ මට
තුරුළු වෙනවා
ජීවිතේ සුන්දර ද මෙතරම්
සුවඳ දැනී දැනී දැනෙනවා...


රෑන රෑන එන පාට පාට සමනලයෝ
පේන පේන මල සිප ගන්නෝ
ආදරේ ඔච්චම් කර කර
හංකිති කවනා ආදරේ
බලාපොරොත්තුව දෝත දරා මඟ

බලා හිදී ඔබ එනතුරා
ආයේ හෙට දවසක් තියේවී අද වාගේ
ජීවිතේ සුන්දර ද මෙතරම්...

සුවඳ දැනී දැනී දැනෙනවා...

Sunday, September 13, 2015

සිහිනයට තරම් - කසුන් කල්හාර සහ ප්‍රතිහා ප්‍රභා | Sihinayata Tharam - Kasun Kalhara ft Prathiba Prabha - sinhala lyrics




සිහිනයට තරම් තටු නෑ මට නම්
පියඹන්න අරන් නුඹ අහසේ
ආදරය තරම් සියුමැලි මනරම්
සිහිනයක් තියේවිද ලෝකේ

කඳු හිස් මුදුන් කර තරු ලකුණු වැටෙනා අතර
සිත නුඹම සොයා වළා බැම්මෙන් ඉගිල යයි
ලොව නිදනා අතර
සයුරක් වී වැතිර නුඹ සරැළි නගනා අතර
කිරි සිනා ගඟක් මියුරු ලෝකෙන් අරන් එයි
ඉන්නවාද ඇහැර

සිහිනයට තරම් තටු නෑ මට නම්...

කඳුලක් ළඟට දුර තව දුරස් කරේ නුඹය
වැහි ඇල්ලක් වගේ සොඳුරු සිහිලක් ගෙනා මට
ජීවිතයේ කතර
සෙනෙහස් සිහිනවල් හැම සෑබෑ කෙරූ සසර
නුඹ
සදකි රුවන් කුමුදු යායක් පුබුදු කර
මා හද කළ සුවඳ

සිහිනයට තරම් තටු නෑ මට නම්...


Download MP3 

රහසේ හඬනා අප හැඟුම් - ක්ලැරන්ස් විජේවර්ධන සහ නීලා වික්‍රමසිංහ - | Rahase Handana Apa Hagum - Clarence Wijewardena & Neela Wickramasinghe - sinhala lyrics




රහසේ හඬනා අප හැඟුම්
ලොව නෑ දන්නේ අප පැතුම්
ලා සඳු පායනා රැයේ

දිලිසේ තරු සේ
තනි වී තැවෙනා පෙම් සුසුම්

හිරිමල් වයසේ සෙනෙහෙන් බැඳී එදා
මතකේ නොමියේ ඔබ මා සිතින් සදා
ආදරයේ රස මියුරු වේදනා

රහසේ හඬනා අප හැඟුම්...

සඳ රෑ සිහිනේ සෙවනැල්ල සේ වෙලී  
ඉමු අපි සොඳුරේ සුපුරුදු ලෙසින් බැඳී
ආදරයේ රස මියුරු වේදනා

රහසේ හඬනා අප හැඟුම්...

රහසේ හඬනා අප හැඟුම්
ලොව නෑ දන්නේ අප පැතුම්


Download MP3 

Friday, July 24, 2015

සඳළුතලේ නිල්මිණි දල්වා - නලීන් පෙරේරා | Sandaluthale Nilmini - Nalin Perera - sinhala lyrics


සඳළුතලේ නිල්මිණි දල්වා 
හද කලඹා හිනා මල් පුබුදයි
ඔබ ඈතයි මා දිළිඳු නිසා
සිහිනෙන් එන්නම් මා යන්නට කැන්දා


අඳුරු වූ සිත මගේ නොනිදි රැයේ
එලිය ඔබෙන් පතයි නගේ
විඩා බරවූ අඩවන් දෙනෙතේ
ඔය රුව මැවුනේ සිත් සහනේ


සඳළුතලේ නිල්මිණි දල්වා...

පුන්සඳ නැගුනේ මේ රැයේ 
ඔබ මා අසලයි මට දැනේ
ඔය නෙතු හා යාවෙන පැයේ
අවදි නොවෙන්නේ පෙම් සිහිනේ

අවදි නොවෙන්නේ පෙම් සිහිනේ

සඳළුතලේ නිල්මිණි දල්වා...

Download MP3 

Wednesday, July 22, 2015

චකිතය - නෙම්සිස් | Chakithaya - Nemesis - sinhala lyrics

සේයවක්වත් හද තුල මා නොවන ලෙසේ
මායවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ
සේයවක්වත් හද තුල මා නොවන ලෙසේ
මායවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ
චකිතය වත් නැතිද නැවතුවේ
මතකය කෙලෙසදො මියැඳුනේ

හද දැවුනා කඳුලේ ගිලුනා
නෙතු නිවුනා අඳුරේ එතුනා
මා හා නිවුනා ලොකේ දැවුනා
ඔබ නිමවූ සිහිනේ බිඳුනා

කඳුලැල්ලක් වත් නෙත තුල මා නොරැදෙන සේ
මාගේ ලොව ගිනි දැවෙනා යලි නොනිවෙන සේ
කඳුලැල්ලක් වත් නෙත තුල මා නොරැදෙන සේ
මාගේ ලොව ගිනි දැවෙන යලි නොනිවෙන සේ
චකිතය වත් නැතිද නැවතුවේ
මතකය කෙලෙසදො මියදුනේ

හද දැවුනා කඳුලේ ගිලුනා...

නිමේශයක් විය අපේ ලොකේ
සමනළයින් සේ පියැඹුවත් එදා
චපල හැගුම් ඔබේ මා දැවූයේ
මායාවේ නෑ මා යලි බැඳෙන්නෑ
මායාවේ නෑ මා යලි
බැඳෙන්නෑ

හද දැවුනා කඳුලේ ගිලුනා...

Download MP3 
Related Posts Plugin for WordPress, Blogger...